සුන්දර පුළුන් ඇලි කොමලියගේ පහසලත් සභාව සෞන්දර්යෙන් පිරිපුන් මනස්කාන්ත පරිසරයක පිහිටි අපගේ පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
අතිපුජ්‍ය පණ්ඩිත හේනපිටගේදර ඥාණසීහ ස්වාමින් වහන්සේ විසින් 1953.11.11 වැනි දින පාතකඩ ශ්‍රි සුමන විහාරයේ ධර්ම ශාලාවේදි පාතකඩ මීශ්‍ර බෞද්ධ පාසල ආරම්භ කරන ලදි.එහි ගෙව්ගිය හැට නව වසරක ඉතිහාසය මේලේස පෙළ ගැස්වේ.
ඒ වන විට ප්‍රදේශය ආසන්නයේ පාසලක් නොමැතිවිමත්. අධ්‍යාපනය ලැබිමට සුදුසු වයස් මට්ටමක දරුවන් ප්‍රමාණය වැඩිමත් මෙම පාසල ආරම්භ කිරිමට ප්‍රධානහේතුව වශයෙන් දැක්විය හැකිය.
මෙම විදුහලට පාතකඩ බෞද්ධ විද්‍යාලය යන නාමය ලැබිමට පදනාම් වි ඇත්තේ අතිපුජ්‍ය පණ්ඩි හේන්පිටගෙදර ඥාණසිහ ස්වාමින් වහන්සේගේ මුලිකත්වයෙන් පාතකඩ විහාරසථානය මුල්කරගෙන මෙම පාසල ආරම්භ කළබැවිනි.පාසල ආරම්යේදී සිසු සිසුවියන් 62ක් පමණ ඇතුලත් කර ගන්නා ලදි.මෙම විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිවරයා වු එස්.ඒම්.සියසේ මහතා දැඩි දුෂ්කරතා මධ්‍යයේ ඉතා උනන්දුවෙන් පාසලේ කටයුතු කරගෙන යනු ලැබීය. මෙයට අමතරව ඩබ්.කේ.හින්මැනිකේ මහත්මියද මෙම පාසලට ඉමහත් සේවයක් සිදුකර ඇත.ආරම්භක ශිෂ‍්‍යා වූ කේ.ඒ.ඩික්සන් හේමචන්ද්‍ර මහතා මූල්ම විදුහල්පතිවරයාට පාසලට යැම සදහා මාර්ග පෙන්වා දි තිබේ.
පොල් අතු සෙවලි කල ගොඩනැගිලකින් ආරම්භ කළ මෙම පාසලට පසුව අක්කර 02ක ඉඩම් කොටසක් පාතකඩ පන්සල් භුමියේන්ද ඊට ආසන්නව පැවති රජයේ රබර් ඉඩමක්ද ලබාදි තිබේ.1955.01.05 වන දින මෙම පාසලට ඓතිහාසික දිනකි.මෙදින මෙම විදුහල බෞද්ධ සංගමයේ පාසලක් ලෙස රත්නපුර ලෙස ලියාපදිංචි කරන ලදි.මේ වන විට විදුහලේ ගුරු මණ්ඩලය 04 ක් පමණ විය.ශිෂය ශිෂ්‍යාවන් 225ක් පමණ අධ්‍යාපනය ලැබූහ.
1956.05.24 වන දින මෙහි අභිනව ගොඩනැගිල්ලක් සදහා මුල්ගල තැබිය.මේසදහා යොදාගත් මුදලින් 2/3පමණ රජය විසින්දි ඇති අතර අනෙක් වියදම් මුල් විදුහල්පතිතුමාගේ සහ දෙමාපියන් ධන පරිත්‍යාගයෙන් සපයා ගන්නා ලදි. 1958 වර්ෂය පමණ වන විට අධය්‍යාපන කටයුතු තරමක් පුළුල් වු අතර ප්‍රාථමික පන්තියද ආරම්භ කරන ලදි.කලක් ගත වනවිට ක්‍රමයෙන් අටවන ශ්‍ර්ණිය දක්වා පන්ති පවැත්විමට තරම් අධ්‍යාපනිය දියුණු මට්ටමක් පැවතිය. එයට ප්‍රධාන හේතුව වූයේ වර්ෂ 1959.10.09 වනදින තවත් ගොඩනැගිල්ලක් මෙම පාසලට ලබිමයි. 1960.12.01 දින ද මෙම පාසලට ඉතාමත් සුවිශේෂි වේ. මෙදින පාසල රජයේ පාසලක් ලෙස ලියාපදිංචි කරන ලදි.වසර හතක් වැනි කෙටිකාලයක් තුළදි පාසල මෙවැනි තත්වයක් ගෙන එමට පාසලේ පළමු විදුහල්පතිවරයාගේ මහත්වු කැපවිම උනන්දුව ඉතා ගෞරවයෙන් සිහිපත් කල යුතුය.ඒ වන විට පාසලේ ආචාර්ය මණ්ඩලය අටදෙනෙක් වු අතර සිසුසිසුවියන් 400 ක් පමණ මොවුන් යටතේ අධ්‍යාපනය ලැබිය.ක්‍රමයෙන් දීයුණුවට පත්වෙමීන් පැවතිය මෙම පාසල වසර 11ක් වැනිකාලයක් තුළදි,වර්ෂ 1964.09.07 වන දින අ.පො.ස සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ කරන ලදි. ගුරුවරුන් 15 පමණ මේ වන විට පාසලේ සේවය කළ අතර ශිෂ්‍යශිෂ්‍යාවෝ 425ක් අධ්‍යාපනය ලබමින් සිටියහ.මෙම පාසල වඩාත් දියුණුවට පත්වු සුවිශේෂි සිදුවිමක් 1988 වර්ෂයේදි සිදුවිය.එනම් එම වර්ෂයේදි සිසුන් 07 දෙනෙකගෙන් යුක්තව අ.පො.ස උසස් පෙළ පන්තියක් ආරම්භ කිරිමයි.
"අධ්‍යාපන නවෝද" සංකල්පය අනුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වලින් ග්‍රාමිය පාසල් අංග සම්පුර්ණ පාසල් අංග සම්පුර්ණ පාසල් ලෙස දියුණු කිරිමේ ව්‍යාතිය (ඩී.එස්.ඩී.) යටතේ 1996 වසරේදි මෙම පාසල තෝරාගෙන ඇත.
2008 වර්ෂයේදි උසස් පෙළ අංශය සදහා වාණිජ විෂය ධාරාව ආරම්භ කරන ලදි. 2016 වර්ෂයෙ ලගම පාසල හොදම පාසල වයාපෘතිය සදහා මෙම පාසලතෝරාගෙන ඇත.වසර 69ක් තුළ අප පාසල ජාතික විභාග සමත් විමේ ප්‍රගතිය අඛණ්ඩ ලෙස වැඩි වි ඇත විෂය සමගාමි සහ විෂය බාහිර ජයග්‍රහන රැසක් හිමිකරගෙන් ඇත.එසේ ප්‍රදේශයේ දිප්තිමත් කැපි පෙනෙන පාසලක් වන අප පාසල 2021.06.06 ජාතික පාසලක් ලෙස නම් කර ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1953 නොවැම්බර් 11 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
04 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
62 |
|
මුල් ගුරුතුමාගේ නම |
එස්.එම් සියසේන |
|
පාසලේ ආදි කතෘගේ නම |
හේනපිටගෙදර ඥාණසීහ හිමි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ර/පාතකඩ බෞද්ධ මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
එස්.එම්.සියසේන මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1960.දෙසැම්බර්.01 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
පාතකඩ ශ්‍රි සුමන විහාරයේ ධර්ම ශාලාව |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
කේ.ඒ.ඩික්සන් හේමචන්ද්‍ර |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1953. නොවැම්බර්.11 දින |