![]() |
![]() |
![]() |
හේන්පිටගේදර ඥාණසීහ හිමි සුමනවංශ හිමි එස්.එම්. සියසේන මහතා
- සුමනවංශ ස්වාමින් වහන්සේ සමග කළ කතාබහක්
පාතකඩ ප්‍රදේශයේ ඉතිහාසය අධ්‍යනය කිරීමේදී අප පාතකඩ විහාරස්ථානයේ විහාරාධිපති හා දරුවන් වහන්සේගේ මඟ පෙන්වීම මුලික කර ගන්නෙමු.එන කරුණු අප මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.
පාතකඩ ප්‍රදේශයට මෙම නම ලැබීමේ ප්‍රභවය අධිරාජ්‍යවාදී යුගයට දිවයයි. පහතරට සිට ලුනු, බුලත් වැනි වෙළඳ ද්‍රව්‍ය උඩරට ප්‍රවාහනය කිරිම හා පුවක් දුං කොල වැනි වෙළඳ ද්‍රව්‍ය උඩරට සිට පහතරටට ප්‍රවාහනය කිරීමේ වෙළද මාර්ගය වෙත ප්‍රදේශය හරහා වැටි තිබී ඇත. පෘතුගීසින් ශ්‍රී ලංකාව පාලනය කළ අවධියේ පෘතුගීසින් සිංහලයන්ගෙන් ද සිංහලයන් පෘතුගීසින්ගෙන්ද ද බදු අය කර ගැනීමේ ස්ථානයක් ලෙස මෙම ප්‍රදේශය යොදා ගෙන ඇති බව ප්‍රසිද්ධය.
1940 දී එවකට පැවති ආණ්ඩුව විසින් හාල් ආනයනය සීමා කිරිම නිසා හටගත් හාල් හිගතාවය හේතුවෙන් මුද්දුව පිරිවෙණ නඩත්තු කර ගැනීමට නොහැකි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් නඩත්තු කිරීම පහසුව තකා මෙම පිරිවෙණ කොටස් තුනකට බෙදා එක් කොටසක් මුද්දුවටත් කොටසත් ඇහැළියගොඩ බුලුගහපිටියටත් පාතකඩ පිරිවෙණටත් වශයෙන් වෙන් කරන ලදී. මෙම තුන්පලේම ප්‍රධාන අනුශාසක ධූරය ගෙන කටයුතු කරන ලද්දේ හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවන් වසන්සේ විසිනි. මෙම තත්වය ක්‍රියාත්මක වෙද්දී ඥානසීහ හාමුදුරුවන්ට තුන්මෝදර ප්‍රදේශයේ දියුණු තත්වයේ පන්සලක් හමු විය.
එනිසා ඥානසීහ හාමුදුරුවන් මෙහි සියලුම පිරිවෙන් කටයුතු නවතා සියලුම ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා රැගෙන ගොස් එහි පිරිවෙණක් ආරම්භ කර ඇත . හිස් වූ පිරිවෙණු වෙනුවට එම අඩුව පිරවීමට පාසලක් ආරම්භ කිරිමට වැඩ පිළිවෙළක් හේන්පිටිගෙදර ඥානසීහ හාමුදුරුවන්ට ප්‍රමුඛව ආරම්භ කරන ලදී. ඒ සඳහා ගමේ ඉහළ උගත් වැදගත් පිරිස්ගේ සහය නොමඳව ලැබුණි.
එවකට ඉහළම විභාගයක් ලෙස සැලකු ජ්‍යේශ්ඨ සහතික පත්‍ර විභාගය සමත් මීගමුව ප්‍රදේශයේ තරුණයෙක් හේන්පිටිගෙදර ඥානසීහ හාමුදුරුවන්ට හමු විය. හාමුදුරුවන් නව පාසල් මුල් ගුරුවරයා ලෙස ඇස්.එම් සියසේන නම් වූ මෙම තරුණයා පත් කරන ලදී.
පසුව පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව දිනෙන් දින ඉහළ ගිය අතර පාසලේ ඉඩ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන තත්වයට පත් විය. මෙම ගැටලුව හේතුවෙන් පාසල විසුරුවා හැර එහි ශිෂ්‍ය, ශිෂ්‍යාවන් දික්පිටිගල පාසලට යොමු කිරීමේ සාකච්ඡාවක් පැවැත් විය.
මෙම ගැටලුකාරි අවස්ථාවේ සුමනවංශ හාමුදුරුවන් ගුරුවරයකු ලෙස එම පාසලට පත්වීමක් ලබා ගිය අතර මෙම ගැටලුවට විසදුම් සෙවීමට මුල් විමට උන් වහන්සේට සිදු විය. එම කාලය වන විට සුමනවංශ හාමුරුවන් විශ්ව විද්‍යාල අධ්‍යයනය ලබමින් සිට ඇත. එබැවින් මෙම ඉඩම් ලබා ගැනීම සම්බන්ධව සොයා බැලීමට නොහැකි වී ඇත. ඒ සම්බන්ධව සොයා බැලීමට වෙනත් කෙනෙකු නොසිටි හේතුවෙක් වතු පාලක සල්ගාදු නැමැත්තා එම ඉඩම් කොටස් කොම්පැනි වත්තෙන් වෙන් කොට ගම්වාසීන් වෙත ලබා දී ඇත .
එවිට කරුණාසේන නම් මන්ත්‍රීවරයා මුල් වී ගම්වාසීන් සමග පාකච්ඡා කර පාසල් ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු වල නිරත වී ඇති බව සුමන හිමියන් අප සමග ප්‍රකාශ කරන ලදී.
මෙම කටයුතු සිදු කරගෙනු යාමේදී කිසිවෙකු නීත්‍යානුකූල වශයන් මෙම ඉඩම පවරා ගැනීම කෙරෙහි අවධානය යොමු කර නැත. ආද වන විටත් මෙම ඉඩමට නිත්‍යානුකුල ඔප්පුවක් නොමැත.
පසු කාලීනව ආණ්ඩුව ඉඩම් අත්පත් කර ගැනීමෙන් පසු තවත් අක්කර කිහිපයක් මෙම පාසලට රජයෙන් ලබා දී ඇත .
පාතකඩ නවෝද්‍යා විද්‍යාලය ලෙස ආරමිභ වූ මෙම පාසල අද වන විට පාතකඩ බෞද්ධ මහා විද්‍යාලය ලෙස හඳුන්වන බව පාසල් ඉතිහාසය පිළිබඳ තොරතුරු පැවසීම අවසන් කරමින් සුමනවංශ හිමියන් පැවසීය.


