ඉංග්‍රීසි නාට්‍ය තරඟාවලිය 2022 දෙවන ස්ථානය
රත්නපුර කලාප තරඟ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංවිධානය කරන ලද ඉංග්‍රීසි නාට්‍ය තරඟාවලියේ රත්නපුර කලාපයේ තරඟ පසුගියදා පැවැත්විණි.
එහිදී William Shakespeare ගේ The Merchant of Venice නාට්‍ය ඇසුරින් අප විද්‍යාලයේ ඉංග්‍රීසි අංශය විසින් ඉදිරිපත් කළ ජේෂ්ඨ නාට්‍ය තියුණු තරඟයකින් අනතුරුව කලාප අංශයේ දෙවන ස්ථානය දිනාගත් අතර ඉතිහාසයේ අප විද්‍යාලයෙන් ඉංග්‍රීසි නාට්‍ය තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂ කරුණකි. අභියෝග රැසක් හමුවේ දරුවන් මෙම තරඟය කරා මෙහෙය වූ ශෙහානි බාලසූරිය ගුරු මෑණියන් ඇතුළු ඒ සඳහා සහයෝගය දැක්වූ සියලුම ගුරුභවතුන් සහ 2021 සාමාන්‍ය පෙළ පන්තියේ ඉංග්‍රීසි නාට්‍ය කණ්ඩායමට සුබ පැතුම් එක් කරන අතර,
මෙම අංශයේ දීර්ඝකාලීන අත්දැකීම් සහිත රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය පළමු ස්ථානය දිනාගනිමින් පළාත් තරඟය සඳහා සුදුසුකම් ලැබූ අතර ඔවුන් වෙනුවෙන් අප විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම් පුද කරමු.
.