අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති බුද්ධික වික්‍රමාරච්චි ගුරු පියාණන්ගේ යෝජනාවක අනූව ගරු විදුහල්පතිතුමිය K.A හේමන්ති කුරුප්පු මැතිණියගේ උපරිම සහයෝගය ඇතිව අප පාසලේ චෙස් ක්‍රීඩාව ආරම්භ 2022 වර්ෂයේ ආරම්භ විය. අප පාසලේ පලමු චෙස් කණ්ඩායම ආරම්භ කිරීමේ අරමුණින් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති බුද්ධික වික්‍රමාරච්චි ගුරු පියාණන්ගේ ඉල්ලීමකට අනූව චෙස් ලෝක ඔලිම්පියාඩ් රන් පදක්කම දිනාගත් සුනීතා විජේසූරිය මහත්මියගේ චෙස් පුහුණු වැඩමුළුව සඳහා සහභාගිවීමට අප විද්‍යාලයේ සිසු සිසුවියන් දස දෙනෙකුට අවස්ථාව ලැබිණි.
ශ්‍රී ලංකා චෙස් ජාතික ශූරතාවය සඳහා දස වරක් හිමිකම් කියන සුනීතා විජේසූරිය මහත්මිය 1992 වසරේ පිලිපීනයේ මැනිලා නුවර පැවති චෙස් ඔලිම්පියාඩ් තරඟාවලියෙන් චෙස් ලෝක ඔලිම්පියාඩ් රන් පදක්කම දිනාගනිමින් චෙස් ක්‍රීඩාව වෙනුවෙන් එතුමිය මෙතෙක් පැමිණි ජයග්‍රාහී තිස් වසරක ගමන සැමරීම සඳහා තෝරාගත් පාසල් 30ක දරුවන් වෙනුවෙන් මෙම පුහුණු වැඩමුළුව ශ්‍රී ලංකා රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබූ අතර පාසල් වෙනුවෙන් චෙස් ක්‍රීඩාව ආරම්භය සඳහා වටිනා චෙස් උපකරණ කට්ටල පරිත්‍යාග කිරීමද සිදු කෙරිණි.
රුසියානු තනාපති කාර්යාලයේ ලේකම්, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකතුමිය Anastasia Khoklova මහත්මිය සහ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරි බුද්ධප්‍රිය රාමනායක මහතාද මේ සඳහා සහභාගි විය.
අප විද්‍යාලයේ පලමු පුහුණු චෙස් කණ්ඩායම 2022 ජූනි මස 20 වන දින මූලික පුහුණුව ලබාගත් අතර පාසල තුල චෙස් ක්‍රීඩාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් පාසල් චෙස් සමාජය 2022 නොවැම්බර් මස ආරම්භ කිරීමට නියමිතය.
නියෝජ්‍ය විදුහල්පති බුද්ධික වික්‍රමාරච්චි ගුරු පියාණන් සහ ප්‍රාථමික අංශ ඉමාලි දිසානායක ගුරු මෑණියන් අප පාසලේ චෙස් ක්‍රීඩාව බාරව කටයුතු කරයි.