විශ්වීය අධ්‍යාපනයට සම බිමක් යන තේමාවෙන් යුතුව අධ්‍යාපන අමාත්‍යාංශයේ SchoolNet ශාඛාවේ සහයෝගීතාවය හා LK Domain Registry අනුග්‍රාහක දායකත්වයෙන
Webcomms Global සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන සයිබර් ලොවට පියාපත් ව්‍යාපෘතිය යටතේ වෙබ් අඩවි සංවර්ධනය සඳහා අප පාසලේ සිසු සිසුවියන් දස දෙනෙක් පුහුණුව ලැබූ අතර ඔවුන් විසින් නිර්මාණය කරනු ලැබූ වෙබ් අඩවි Cyber Lowata Piyapath - සයිබර් ලොවට පියාපත් වැඩසටහන සඳහා මාර්ගගතව ඉදරිපත් කරන ලදී.
සයිබර් ලොවට පියාපත් වැඩසටහන මඟින් අප පාසලට ලබාදුන් වෙබ් අඩවිය මේ වනවිට වෙබ් අඩවි සංවර්ධන පුහුණු සංචිතයේ පලමු පුහුණු කණ්ඩායම Web Team 01 මඟින් සංවර්ධන කටයුතු සිදු කරමින් පවතින අතර එම වෙබ් අඩවිය සයිබර් ලොවට පියාපත් වැඩසටහන යටතේ රත්නපුර කලාපය නියෝජනය කරමින් 2022.11.14 වන දින මාර්ගගතව ඉදිරිපත් කිරීමට නියමිතය.
සයිබර් ලොවාට පියාපත් පුහුණ්ණු වැඩමුලුව.






