1953 නොවැම්බර් මස 11 වන දින ඥාණසීහ හිමිපාණන්ගේ මූලිකත්වයෙන් සුමනාරාම විහාරයේදී ආරම්භ කරන ලද පාතකඩ බෞද්ධ මහා විද්‍යාලයේ 69 වන ජන්ම දිනය අද දිනට යෙදී ඇත.
අභිමානවත් ඉතිහාසයක උරුමය ඇති පාතකඩ බෞද්ධ විදුහල් මාතාව අද වන විට 1700කට වැඩි සිසුන් පිරිසකට අධ්‍යාපනය ලබාදෙමින් පැල්මඩුල්ල කොට්ඨාසය තුල ජයග්‍රාහී ගමනක නිරත වෙමු.
පාතකඩ බෞද්ධ විදුහල් මාතාව ඉහලින්ම ඔසවා තැබීමට කටයුතු කල සියලුම විදුහල්පතිවරුන් හා ගුරුභවතුන්ට පාතකඩ බෞද්ධ විදුහල් මාතාවගේ ස්තූතිය පුද කර සිටින අතර වත්මන් විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට පාතකඩ බෞද්ධ විදුහල් මාතාවගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමු !
69 වන ජන්ම දිනය සමරන පාතකඩ බෞද්ධ විදුහල් මාතාවනි ඔබට සුභ උපන්දිනයක් වේවා !